දේශීය

පිළියන්දල පිරිවෙනක භික්‍ෂුන් වහන්සේලා ඇතුළු 89ක් නිරෝධායනයේ

( UTV |කොළඹ) –  කොළඹ ජාතික රෝහලේ හෙදියකට පළමුවරට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවයේ නියුතු මතුගම ප්‍රදේශයේ පදිංචි හෙදියකට මෙලෙස රෝගය වැලදී ඇති බව හෙලිව තිබේ.

ඇය මේ වනවිට කළුතර, නාගොඩ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබයි.

ඇයගේ ආශ්‍රිතයන් 12 දෙනෙකුටද PCR පරීක්ෂණ සිදු කර ඇති බව ජාතික රෝහල් බලධාරීන් පවසයි.

මේ අතර පිළියන්දල , කහපොළ, සිළුමිණ සෑය පිරිවෙන් විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා 69 ඇතුළු 89 දෙනෙකු එම පිරිවෙන තුලම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

එහි වැඩසිටින හිමිනමකගේ මවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ මෙම පියවර ගෙන ඇත.

Related posts

රැකියා හිමි නොවූ උපාධීධාරින්ට යළි අවස්තාවක් දෙන්න සූදානම්

Mohamed Dilsad

ජනපති ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරයි

Mohamed Dilsad

රවි සෙනෙවිරත්න ට එරෙහිව පවරා ඇති නඩුවක් අත්හිටුවයි

Editor O

Leave a Comment