දේශීය

පිළියන්දල පිරිවෙනක භික්‍ෂුන් වහන්සේලා ඇතුළු 89ක් නිරෝධායනයේ

( UTV |කොළඹ) –  කොළඹ ජාතික රෝහලේ හෙදියකට පළමුවරට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවයේ නියුතු මතුගම ප්‍රදේශයේ පදිංචි හෙදියකට මෙලෙස රෝගය වැලදී ඇති බව හෙලිව තිබේ.

ඇය මේ වනවිට කළුතර, නාගොඩ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබයි.

ඇයගේ ආශ්‍රිතයන් 12 දෙනෙකුටද PCR පරීක්ෂණ සිදු කර ඇති බව ජාතික රෝහල් බලධාරීන් පවසයි.

මේ අතර පිළියන්දල , කහපොළ, සිළුමිණ සෑය පිරිවෙන් විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා 69 ඇතුළු 89 දෙනෙකු එම පිරිවෙන තුලම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

එහි වැඩසිටින හිමිනමකගේ මවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ මෙම පියවර ගෙන ඇත.

Related posts

ETI සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් රක්ෂණ වන්දි ගෙවීම හෙට

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ නැතුව ශල්‍යකර්ම කළ නොහැකි බව කියමින් විශේඥ වෛද්‍යවරියක් ඉල්ලා අස්වෙයි

Editor O

විදුලි කප්පාදුවට එරෙහි පෙත්සම ගැන අධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment