දේශීය

විදුලි කප්පාදුවට එරෙහි පෙත්සම ගැන අධිකරණයෙන් නියෝගයක්

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු නොකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද යන තීරණය මේ මස 10 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළේය.

 

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නේය.

 

ඒ අනුව අදාළ පෙත්සම විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේද? නැද්ද? යන තීරණය සහ පෙත්සමින් ඉල්ලා තිබෙන විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ අතුරු නියෝගය පිළිබඳ තීරණය ද එදින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Related posts

ළමා රෝහලට එන දරුවන්ගෙන් බහුතරයකට මන්දපෝෂණය

Mohamed Dilsad

අද ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව් මෙන්න

Mohamed Dilsad

හිටපු ජනපති මෛත්‍රී ජනපති කොමිසමට

Mohamed Dilsad

Leave a Comment