දේශීය

ළමා රෝහලට එන දරුවන්ගෙන් බහුතරයකට මන්දපෝෂණය

(UTV | කොළඹ) – කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පසුගිය මාස දෙකේදී ඇතුළත් කළ දරුවන්ගෙන් බහුතරයක් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව එම රෝහල සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

එම දරුවන්ට නිසි ලෙස පෝෂ්‍යදායි ආහාර නොලැබීම මෙම තත්ත්වයට හේතුවී ඇති බව ද එම සමීක්ෂණයෙන් අනාවරණය කර ගෙන ඇත.

මෙම දරුවන්ගෙන් බහුතරයක් සාමාන්‍ය මන්දපෝෂණය, අධි මන්දපෝෂණය වැනි මන්දපෝෂණ තත්ත්වයන්ගෙන් පෙළෙන බව ද හඳුනාගෙන තිබේ.

කොළඹ ප්‍රදේශයේ පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් අඩකගේ පමණ කුස ඉදිරියට නෙරා ඒමක් දක්නට ලැබෙන බව ද මීට අමතරව තවත් දරුවන් පිරිසකගේ බර අඩු වී කෙට්ටුවීමේ ස්වභාවයක් දක්නට ලැබෙන බව ද එය එක්තරා මන්දපෝෂණ තත්ත්වයක් බව ද අනාවරණය වී ඇත.

පසුගිය වසරේ රෝහල වෙත ඇතුළත් කෙරුණු දරුවන්ගෙන් 100 දෙනෙකු පමණ දියවැඩියා රෝගයෙන් පෙළුණු බවද තවත් දරුවන් 900කට පමණ පිළිකා රෝගය වැළඳී ඇති බවට හඳුනාගත් බව ද එම රෝහලේ ළමා විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ ය.

නියමිත පෝෂ්‍යදායී ආහාර නොලැබීම මෙන් ම, පසුගිය වසර දෙකක තුනක කාලය තුළ පාසල් වසා තැබීමෙන් දරුවන්ගේ මානසිකත්වය පහළ වැටී තිබීමත් මෙම තත්ත්වයට හේතු වී ඇති බව ද ඒ මහතා පැවසීය.

කෙටි ආහාර වර්ග හා පැණි බීම ලබා නොදී පෙර පරිදි පෝෂ්‍යදායි ආහාර දරුවන්ට ලබාදී ඔවුන්ව ක්‍රියාකාරකම්වල යෙදවීමට මවුපියන් හැකි හැම උත්සාහයක් ම දැරිය යුතු බව ද ඒ මහතා පැවසීය.

මෙම මන්දපෝෂණ තත්ත්වයෙන් දරුවන් බේරා නොගතහොත් අනාගතයේදී ඔවුන්ගේ මොළයේ වර්ධනය අඩු වී බුද්ධි මට්ටම පහළ යාමේ අවදානමක් පවතින බව ද කොළඹ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

හංවැල්ලේ හිමි ඝාතනයට සම්බන්ධ තවත් හතර දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගෙන හෙද සංගම් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

කුරුළු ගමේ බණට වැඩි හිමිනම පහර කා රෝහලේ

Mohamed Dilsad

Leave a Comment