දේශීය

වෙළඳපොළේ සීනි අර්බුදය

(UTV | කොළඹ) –  මේ වන විට වෙළදපොලේ පවතින සීනි හිඟයට හේතුව සීනි ආනයනය සඳහා අවසර දීමට ප්‍රමාද වීම බව ආනයනකරුවන් පවසනවා. සීනි ආනයනය ඉකුත් මැයි මාසයේ සිට නතර කරනු ලැබුවා. ඒ අනුව මේ දක්වාම රට තුළ පාරිභෝජනය සිදු කරනු ලැබුවේ මැයි මාසයට පෙර ආනයනය කරන ලද සීනි තොගයි.

සති දෙකක් ඇතුලත සීනි ආනයනයට අවසර නොදුනහොත් රට තුළ සීනි හිඟයක් ඇතිවන බවටයි. සීනි ආනයනය සඳහා අවසර දීමට සති දෙකක් පමණ කල්ගතවීම වළඳපොළේ සීනි හිඟවීමට ප්‍රධානතම හේතුව බවයි ආනයනකරුවන් ද සඳහන් කළේ. මේ වන විටත් සීනි තොග ඇණවුම් කර ඇති අතර ඉදිරි සතිය තුළ එම තොග මෙරටට පැමිණීමට නියමිතයි. ඒ සඳහා ඩොලර් මිලියන 25 ක් අවශ්‍ය බවයි ආනයනකරුවන් සඳහන් කළේ.

Related posts

රට රැකියා දෙනවැයි ලක්ෂ ගණනින් සල්ලි ගැරූ ජෝඩුවක් කොටු

Mohamed Dilsad

උසස් පෙළ ඇතුළු සියලු විභාග කල්දමයි

Editor O

ගල්කිස්සේ 15 හැවිරිදි දැරිය සිද්ධිය : වෙබ් අඩවි 4ක් තහනම් කරන ලෙස අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment