දේශීය

වෙළඳපොළේ සීනි අර්බුදය

(UTV | කොළඹ) –  මේ වන විට වෙළදපොලේ පවතින සීනි හිඟයට හේතුව සීනි ආනයනය සඳහා අවසර දීමට ප්‍රමාද වීම බව ආනයනකරුවන් පවසනවා. සීනි ආනයනය ඉකුත් මැයි මාසයේ සිට නතර කරනු ලැබුවා. ඒ අනුව මේ දක්වාම රට තුළ පාරිභෝජනය සිදු කරනු ලැබුවේ මැයි මාසයට පෙර ආනයනය කරන ලද සීනි තොගයි.

සති දෙකක් ඇතුලත සීනි ආනයනයට අවසර නොදුනහොත් රට තුළ සීනි හිඟයක් ඇතිවන බවටයි. සීනි ආනයනය සඳහා අවසර දීමට සති දෙකක් පමණ කල්ගතවීම වළඳපොළේ සීනි හිඟවීමට ප්‍රධානතම හේතුව බවයි ආනයනකරුවන් ද සඳහන් කළේ. මේ වන විටත් සීනි තොග ඇණවුම් කර ඇති අතර ඉදිරි සතිය තුළ එම තොග මෙරටට පැමිණීමට නියමිතයි. ඒ සඳහා ඩොලර් මිලියන 25 ක් අවශ්‍ය බවයි ආනයනකරුවන් සඳහන් කළේ.

Related posts

ගිනි අවියක් ක්‍රියාත්මකවී හිමි නමක අපවත් වෙති

Mohamed Dilsad

ළිඳට වැටී ප්‍රදේශ දෙකකදී දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

අම්ෆන් සුළි කුණාටුවෙන් ලංකාවට ඇතිවූ බලපෑම ක්‍රමයෙන් පහව යයි

Mohamed Dilsad

Leave a Comment