දේශීය

ලබන 15 වැනි දායින් පසුව පවතින තිරිගු පිටි හිඟය අවසන්

(UTV | කොළඹ) – ලබන 15 වනදායින් පසුව පවතින තිරිගු පිටි හිඟය අවසන් වනු ඇතැයි විශ්වාස කරන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න පවසනවා.

කෙසේ වෙතත් තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 450 දක්වා ඉහළ ගියහොත් ග්‍රෑම් 450හේ පාන් ගෙඩියක මිල රුපියල් 350 දක්වා ඉහළ දැමීමට සිදුවන බව ආපනශාලා හිමියන් පවසනවා.

මෙම තත්වය වළක්වා ගැනීම සඳහා රජය කඩිනම් පියවර නොගන්නේ නම්, තමන් මෙන්ම පාරිභෝගිකයන්ද දැඩි අසීරුතාවට පත්වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

තිරිගු පිටි මිල ඉහළ යාම හමුවේ මේ වනවිට දිවයින පුරා විවිධ මිල ගණන් යටතේ පාන් අලෙවි වනවා.

කෙසේ වෙතත් පාරිභෝගිකයන් පෙන්වා දෙන්නේ, මෙම තත්වය හමුවේ පාන් පරිභෝජනයෙන් ඉවත්වීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

Related posts

මහනුවර අවසන් කුඹල් පෙරහැර අදයි

Mohamed Dilsad

ප්‍රභාකරන්ගේ වීරත්වය ගැන තොරතුරු අන්තර්ජාලයට දැමු 4ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජවිපෙ පැලවත්ත පක්ෂ කාර්යාලය අසළ උණුසුම් තත්ත්වයක්

Editor O

Leave a Comment