ගොසිප්

නුගේගොඩ රත්මලාන ඇතුළු ප්‍රදේශ කීපයකින්ම කොරෝනා රෝගීන් වාර්තා වෙයි

(UTV | කොවිඩ් 19) – ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 194 දෙනා ගෙන් 80 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වූ බවත් සෙසු 114 දෙනා විවිධ ප්‍රදේශ වලින් හමුවූ බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මෙලෙස වාර්තා වූ ආසාදිතයින් අතුරින් බහුතරයක් දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලින් හමුවී ඇත.

ඇඳිරි නීතිය පනවා නොමැති හොරණ, අනුරාධපුර, රාගම, ගනේමුල්ල, රත්නපුර, කළුතර, සීදුව, කැලණිය, කොළඹ, කුරුණෑගල, පොළොන්නරුව, මීගමුව, රත්මලාන, නුගේගොඩ, කඩව සහ හැටන් කියන ප්‍රදේශ වලින් වෛරසය ආසාදිතවූ පුද්ගලයින් වාර්තා වී ඇත.

මෙලෙස වාර්තා වන්නේ මෙම පුද්ගලයින්ගේ PCR පරීක්ෂණ කිරීමේදී ඔවුන් ලබාදී තිබෙන ලිපිනයන් අනුවයි.

 

Related posts

සජිත්ට තවත් ආරාධනයක්

Mohamed Dilsad

ඇදිරි නීතිය අතර කතරගම දේවාලයට පැමිණි පිරිස කවුද?

Mohamed Dilsad

අගමැතිගේ පුතුන් තුන්දෙනා ඩුබායි ගිහින් ද?

Mohamed Dilsad

Leave a Comment