දේශීය

ආනයනික කිරිපිටි මිල අඩු කෙරෙයි

ආනයනික කිරිපිටි මිල අද (01) සිට අඩුකරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

 

ඒ අනුව, අද සිට ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400ක මිල රුපියල් 80 කින් පහළ යනු ඇති.

 

මේ අතර ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර බේකරි හා හෝටල්හිමියන් වෙත බෙදාහැරීම මේ වනවිට සිදු කෙරෙමින් පවතී.

 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ එම බිත්තර මගින් මහජනතාවගේ සෞඛ්‍යයට හානි විය හැකි කිසිවක් මේ දක්වා හඳුනාගෙන නොමැති බවය.

 

මේ අතර අද සිට ලබන 18 වනදා දක්වා මාර්ගය දෙපස එළවලු, පළතුරු හා කෘෂි නිෂ්පාදන අලෙවි කිරීම සඳහා එම නිෂ්පාදකයින්ට අවස්ථාව ලබාදී තිබේ.

 

 

 

Related posts

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ 5 වන දිනය අදයි

Mohamed Dilsad

රටේ ජනතාවට මූල්‍ය සාක්ෂරතාව දෙන්න මහ බැංකුවෙන් වැඩසටහනක්

Editor O

ශිෂ්‍යත්ව අභියාචනාවලින් සිසුන් 146ක් සමත්වෙයි

Mohamed Dilsad

Leave a Comment