දේශීය

ආනයනික කිරිපිටි මිල අඩු කෙරෙයි

ආනයනික කිරිපිටි මිල අද (01) සිට අඩුකරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

 

ඒ අනුව, අද සිට ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400ක මිල රුපියල් 80 කින් පහළ යනු ඇති.

 

මේ අතර ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර බේකරි හා හෝටල්හිමියන් වෙත බෙදාහැරීම මේ වනවිට සිදු කෙරෙමින් පවතී.

 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ එම බිත්තර මගින් මහජනතාවගේ සෞඛ්‍යයට හානි විය හැකි කිසිවක් මේ දක්වා හඳුනාගෙන නොමැති බවය.

 

මේ අතර අද සිට ලබන 18 වනදා දක්වා මාර්ගය දෙපස එළවලු, පළතුරු හා කෘෂි නිෂ්පාදන අලෙවි කිරීම සඳහා එම නිෂ්පාදකයින්ට අවස්ථාව ලබාදී තිබේ.

 

 

 

Related posts

කොළඹ කොරෝනා පැතිරීම ඉහළට.ඊයේ ආසාදිතයින් 526ක්

Mohamed Dilsad

කොවිඩ් ගැන පාර්ලිමේන්තු විවාදයක්

Mohamed Dilsad

මෙරට කොරෝනාවෙන් සුවය ලැබූ ගණන ඉහලට

Mohamed Dilsad

Leave a Comment