දේශීය

සති අන්තයේ සංචරණය සීමා දැඩි කෙරේ

(UTV |කොළඹ) – නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ඉදිරි සති අන්තයේ සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

පොලිස් මාර්ග බාධක යොදා මෙම නීතිය කඩ කරන අය සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මේ වනවිට බස්නාහිර පළාතේ පොලිස් වසම් 112 ක සහ කුලියාපිටිය, ඇහැලියගොඩ සහ කුරුණෑගල මහ නගර සභා බලප්‍රදේශ වල නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.

ඒ අනුව ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 139 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථවාහන 26 ක් පොලිස් භාරයට ගෙන ඇත.

Related posts

රුපියල් කෝටි 18 ක් පමණ වටිනා රත්තරන් ජෙල් ගුලි සමග 6ක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

Editor O

අධි අවදානම් ප්‍රදේශවල පුද්ගලයින්ට අද සිට කොවිඩ් එන්නත

Mohamed Dilsad

UPDATE – ලිට්‍රෝ ගෑස් මිල අඩු වෙයි

Mohamed Dilsad

Leave a Comment