දේශීය

සති අන්තයේ සංචරණය සීමා දැඩි කෙරේ

(UTV |කොළඹ) – නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ඉදිරි සති අන්තයේ සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

පොලිස් මාර්ග බාධක යොදා මෙම නීතිය කඩ කරන අය සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මේ වනවිට බස්නාහිර පළාතේ පොලිස් වසම් 112 ක සහ කුලියාපිටිය, ඇහැලියගොඩ සහ කුරුණෑගල මහ නගර සභා බලප්‍රදේශ වල නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.

ඒ අනුව ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 139 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථවාහන 26 ක් පොලිස් භාරයට ගෙන ඇත.

Related posts

තවත් කොවිඩ් මරණ තුනක්

Mohamed Dilsad

නව වසරේ මුල්ම උල්කාපාත වර්ෂාව හෙට (04) අලුයම අහසේ

Editor O

අද විදුලිය කපන හැටි මෙන්න

Mohamed Dilsad

Leave a Comment