විදෙස්

ඇමරිකානු ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර උණුසුම් මුහුණුවරක්

(UTV| ඇමරිකාව) – ඇමරිකානු ජනාධිපතිවරණයේ මූලික ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතියි.

ඒ අනුව වත්මන් ජනපති ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් අතර තියුණු තරඟයක් පවතින බව පෙනී තහවුරු වී ඇත.

ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සඳහා ඉලෙක්ටෝරල් කොලේජ් හෙවත් කොට්ඨාශ ඡන්ද 538 කින් 270 ක් ජයග්‍රහණය කළ යුතුයි.

කෙසේවෙතත් මූලික ප්‍රතිඵලවලට අනුව මේ වනවිට ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් එම ඡන්ද 131 ක් හිමිකරගෙන සිටින අතර, ජනපති ට්‍රම්ප්ට හිමිව ඇත්තේ කොට්ඨාශ ඡන්ද 98 ක් පමණයි.

 

 

 

Related posts

ආම් ආද්මි පක්ෂය තුන්වන වතාවටත් ජය ගනී

Mohamed Dilsad

මයික්‍රොසොෆ්ට් සේවාවන් කිහිපයක බිඳ වැටීමක්

Mohamed Dilsad

බොලිවියාවට නව අතුරු ජනාධිපතිනියක්

Mohamed Dilsad

Leave a Comment