දේශීයව්‍යාපාරික

ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු අද යළි ඇරඹේ

(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සියලු ආර්ථික මධ්‍යස්ථානවල මෙහෙයුම් කටයුතු අද යළි ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා පැවසීය.

ඒ අනුව රත්මලාන,බෝකුන්දර,මීගොඩ ,වේයන්ගොඩ හා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානවල මෙහෙයුම් ඇරඹෙනු ඇත.

කෙසේවෙතත් මෙම මධ්‍යස්ථානවල සිල්ලර වෙළෙඳාම සිදු නොකෙරෙන අතර , පිට පළාත්වලින් ලැබෙන එළවළු තොග බස්නාහිර පළාතේ ගැණුම්කරුවන්ට ලබා දීම මෙම මධ්‍යස්ථාන හරහා සිදු කරනු ලබයි.

අදාළ ආර්ථික මධ්‍යස්ථාන මේ වනවිට විශබීජහරණය කර ඇති බව ද ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

Related posts

ඇඳිරි නීතිය සමයේ අත්අඩංගුවට ගත් වාහන යළිත් අයිතිකරුවන්ට [RELEASE]

Mohamed Dilsad

අනාගතයේදී තොරතුරු තාක්‍ෂණ අංශයෙන් රැකියා ලක්‍ෂ 02 ක්

Mohamed Dilsad

අධිවේගී මාර්ග සඳුදා සිට විවෘතයි

Mohamed Dilsad

Leave a Comment