ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ජාත්‍යන්තර සම්මානයක් ලැබී තිබේ. 2025 World’s Best Bank සම්මාන උළෙලේ දී, ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් “A ශ්‍රේණියේ” සම්මානය මහ බැංකු අධිපතිවරයාට ලැබී තිබේ.
විචක්ෂණශීලී මුදල් ප්‍රතිපත්ති, මූල්‍ය පද්ධතිය අධීක්ෂණය සහ අභියෝගාත්මක ගෝලීය තත්ත්ව හමුවේ මහ බැංකුවට ලබාදුන් නායකත්වය ඇගැයීමක් වශයෙන් මෙම සම්මානය ඔහුට හිමිව ඇත.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නියෝජිත පිරිසක්, පසුගිය ඔක්තෝබර් මස 13 සිට 18වන දින දක්වා වොෂින්ටන් ඩී.සී.හි පැවති ලෝක බැංකු සමූහයේ/ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2025 වාර්ෂික රැස්වීම් සඳහා එක් විය.
ඒ අතරවාරයේ පැවති 2025 වර්ල්ඩ් බෙස්ට් බෑන්ක් සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා මෙලෙස සම්මානයෙන් පිදුම් ලබා තිබුණි.
