කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් නිකුත් කරන රියදුරු බලපත්‍රය සඳහා ගෙවිය යුතු මුදල රුපියල් 2,000 සිට 15,000 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ ප්‍රවාහන අමාත්‍යංශය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරු ඒ සඳහා අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ බවය.
නමුත් එම නිවේදනයේ ඩොලර් වලින් ගෙවිය යුතු මුදල සඳහන් ව ඇති බැවින් එය නැවත රුපියල් යනුවෙන් වෙනස් කර, එළැඹෙන සතියේ යළි ගැසට් නිවේදය නිකුත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරරටත් පැවසීය.
මෙම පහසුකම ඉදිරියේදී විදේශිකයන්ට පමණක් නොවන බවත් වසර ගණනාවකට පසු නැවතත් මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ද අදළ ගාස්තු ගෙවා ලබාගත හැකි බවත්
