විදෙස්

බොලිවියාවට නව අතුරු ජනාධිපතිනියක්

(UTV | කොළඹ) – බොලිවියාවේ විපක්ෂය නියෝජනය කරන සෙනෙට් සාමාජිකාවක වූ ජෙනී අනේස් එරට අතුරු ජනාධිපතිවරිය ලෙස ඇය විසින්ම ප්‍රකාශයට පත් කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ බොලිවියානු ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමත් සමඟ මෙම තීරණය ගත් බවයි.

එම පත්වීම එරට අධිකරණයද අනුමත කර ඇති අතර, යළි ජනාධිපතිවරණයක් කඩිනමින් පවත්වන බව ඇය සඳහන්කර තිබේ.

මීට අමතරව, බොලිවියාවෙන් පලා ආ හිටපු ජනාධිපති එවො මොරාලෙස් වෙත මෙක්සිකෝවේ දේශපාලන රැකවරණ හිමිව තිබේ.

කුමන්ත්‍රණ හමුවේ තමන් රට අත්හැර පලා ආවත් සටන තවමත් අත්හැර නොමැති බව මෙක්සිකෝවේදී අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා පැවසුවේය.

හිටපු ජනාධිපති එවො මොරාලෙස් රැගත් ගුවන් යානාව පසුගියදා මෙක්සිකෝව වෙත පැමිණියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

facebook සමාගමය දඩයක්

Mohamed Dilsad

ISIS නායක අබුබකර් අල් බැග්ඩාඩි ලිබියාවේ සැගව සිටින බවට සැකයක්…

Mohamed Dilsad

යුක්රේනයේ අගනුවර වැසියන් ජලය ඉල්ලා පෝළිම්වල

Mohamed Dilsad

Leave a Comment