විදෙස්

යුක්රේනයේ අගනුවර වැසියන් ජලය ඉල්ලා පෝළිම්වල

(UTV | කිව්) – යුක්රේනයේ කිව් අගනුවර වැසියන් උග්‍ර පානීය ජල අර්බුදයකට මුහුණ පා සිටිනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ රුසියාව විසින් යුක්රේනයේ ජල හා විදුලිබල මූලාශ්‍රවලට දිගින් දිගටම මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි.

ඒ හේතුවෙන් කිව් අගනුවර නල මාර්ග හරහා ජලය පාරිභෝජනය කරන පිරිසෙන් සියයට 40 කට පමණ මේවනවිට ජල සැපයුම විසන්ධි වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. එබැවින් කිව් අගනුවර වැසියන් බෝතල් රැගෙන ජලය ලබාදෙන තුරු පෝළිම්වල රැඳී සිටින අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර විදුලි බලාගාර ඉලක්ක කර රුසියාව එල්ල කර ඇති මිසයිල ප්‍රහාර හමුවේ කිව් අගනුවර නිවාස දෙලක්ෂ 70,000 ක පමණ විදුලි සැපයුම ඇණහිට ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

රුසියාවේ මිසයිල ප්‍රහාර හමුවේ සිවිල් වැසියන් 13 දෙනෙකු තුවාල ලබා ඇතැයි යුක්රේනය සඳහන් කළා. රුසියාව ප්‍රකාශ කර ඇත්තේ යුක්රේනයේ සිය ඉලක්ක වූ ස්ථාන වෙත සාර්ථකව ප්‍රහාර එල්ල කළ බවයි.

Related posts

කිලෝ 500ක බෝම්බයක් සොයා ගනී

Mohamed Dilsad

තුර්කිය සිරියාවට ප්‍රහාර එල්ල කිරීම වහාම නැවත්විය යුතුයි – ප්‍රංශ ජනපති

Mohamed Dilsad

චීනයේ අපුරු දරු උපතක්

Mohamed Dilsad

Leave a Comment