දේශීය

දිවයින පුරාට වැඩි වැසි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදය කාලයේදීද වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌවසහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 150ක ට වැඩි ඉතා තද වැසි ද, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල වැසි මි.මී 100ක ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Related posts

ධර්මාචාර්ය විභාගය සමතුන් බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ කල් යයි

Mohamed Dilsad

කොරෝනා මැඩලීමට ජනපති නියමයෙන් විශේෂ අරමුදලක්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment