දේශීය

කොරෝනා මැඩලීමට ජනපති නියමයෙන් විශේෂ අරමුදලක්

(UTV | කොළඹ) – කොරෝන වෛරසය රට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීම සහ ඊට සමගාමී සමාජ සුබසාධන කටයුතු පහසුකරලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විශේෂ අරමුදලක් ස්ථාපනය කර තිබේ.

එම අරමුදල කොවිඞ් නයින්ටීන් – සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල ලෙස නම් කර ඇති අතර , ජනාධිපතිවරයාගේ නියමයෙන් ජනාධිපති අරමුදල ඒ සඳහා රුපියල් මිලියන 100ක මුදලක් ප්‍රදානය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

අරමුදල සඳහා ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ විශේෂ ගිණුමක් ද ආරම්භ කර තිබේ.

ගිණුම් අංකය – 85737373 වේ.

දේශීය, විදේශීය පරිත්‍යාගශීලීනට සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට මුදලින් දායකත්වය දැක්වීමට හැක. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කෙරේ. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට ද අවස්ථාව ඇත.

Related posts

නව ආසාදිතයින් 528ක්

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා අසාදිතයින් ලක්ෂ 20 ඉක්මවයි

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් 595ක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment