දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

(UTV |කොළඹ ) – තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 120ක් දක්වා ඉහළ ගොස් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊයේ(29) දිනයේදී රෝහලෙන් පිටව ගිය ආසාදිතයන් දෙදෙනාත් සමඟින් ආසාදිතයන් 11 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා සිටියි.

ඒ අනුව රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 108 ක් වන අතර ඊයේ (29) වන විට සැක මත වෛද්‍ය අධීක්ෂණය යටතේ 199 දෙනකු රෝහල්ගතව සිටි නමුත් ඉන් අසූ දෙදෙනකු අද දින පිටව ගියේය.

ඒ අනුව තවදුරටත් කොරෝනා ආසාදනය වී ඇත්දැයි සැකමත රෝහල්ගතව සිටින පුද්ගලයන් ගණන 117 කි.

Related posts

සීනිගම දේවාලයේ පෙරහැර නිසා ගාලු පාරේ රථවාහන ධාවනයට සීමා

Mohamed Dilsad

ඡන්දය සලකුණු කරන විදිය ගැන පැහැදිලි කිරීමක්

Editor O

ගම්පහටත් පොලිස් ඇඳිරිනීතිය…

Mohamed Dilsad

Leave a Comment