දේශීය

සීනිගම දේවාලයේ පෙරහැර නිසා ගාලු පාරේ රථවාහන ධාවනයට සීමා

(UTV | කොළඹ) – අද (04) දහවල් 12.10 සිට රාත්‍රී 8.00 දක්වා ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය සීමා කරන බව පොලීසිය පවසයි.

ඒ, සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ වාර්ෂික පෙරහැර වීථි සංචාරය කිරීම හේතුවෙනි.

පෙරහැර , සීනිගම දේවාලයේ සිට ගාලුපාර ඔස්සේ කොළඹ දෙසට ගමන් කර , තෙල්වත්ත හන්දියෙන් දකුණට හැරී පුරාණ තොටගමුව රන්පත් රජමහා විහාරය දක්වා ගොස් නැවත එම මාර්ගය ඔස්සේ දේවාලය වෙත පැමිණීමට නියමිතය.

එම කාලය තුල ගාල්ල සිට කොළඹ දෙසට ගමන් ගන්නා රථවාහන එක් මංතීරුවක ගමන් කරවීමට කටයුතු සූදානම් කර තිබේ.

සිදුවන අපහසුතා අවම කරගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.

මේ අතර මාතර වෙරළ පාර පිහිටි අප ස්වාමිදුවගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍ය හේතුවෙන් ඒ ආශ්‍රිත මාර්ග රැසක රථ වාහන ධාවනය සීමා කිරිමට සිදුවනු ඇතැයි පොලිසිය පවසයි.

ඒ අනුව අද (04) සිට ලබන 11 වැනිදා දක්වා උදෑසන 8 සිට පස්වරු 2 දක්වා කාලය තුළ ඒ ආශ්‍රිත මාර්ගවල රථ වාහන ධාවනය සීමා කරනු ඇති.

Related posts

පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා ජනපති හමු වෙයි

Mohamed Dilsad

දිස්ත්‍රික්ක රැසක ජන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

Mohamed Dilsad

ඇමති නලින්ද ජයතිස්සට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

Editor O

Leave a Comment