ගොසිප්

ෆේස්බුක් සිය නිල නාමය වෙනස් කරයි

(UTV | කොළඹ) –  ෆේස්බුක් සමාජ ජාලයේ නිල ලාංඡනය වෙනුවට වෙනත් ලාංඡනයක් දැමීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව Facebook යන සන්නාමය කැපිටල් ඉංග්‍රීසි අකුරින් FACEBOOK ලෙස දැක්වෙනු ඇත. එය බහුවර්ණ සහිත ලාංඡනයකි.

ෆේස්බුක් සමාගම විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයට අමතරව වට්ස් ඇප්, ඉන්ස්ටග්‍රෑම් සේවාවන්ද සපයනු ලබයි.

නව සංඛේතය නිර්මාණය කර ඇත්තේ විවෘතභාවය සහ පැහැදිලිභාවය යන සංකල්පයන් මූලික කර ගනිමින්ය.

නව සං‍ඛේතය සඳහා තම ආයතනය සංවේදී වර්ණමාලාවක් භාවිතා කර ඇති බව ෆේස්බුක් ආයතනය පවසයි.

ඉදිරි සති කිහිපය තුළ නිෂ්පාදන සහ අලෙවිකරණ කටයුතුවලදී නව ලාංඡනය භාවිතා කිරීමට සමාගම සැලසුම් කර ඇත.

පසුගිය සමයේ පරිශීලකයන්ගේ විශ්වාසය කඩකිරීමේ චෝදනාව සමග ෆේස්බුක් ආයතනය සම්බන්ධව නඩු විභාගයන් සහ විමර්ශන මධ්‍යයේ එම සමාගම සිය සන්නාමයෙහි වෙනසක් ඇතිකිරීමට පියවර ගෙන තිබේ.

Pew think tank මගින් සිදුකළ අපක්ෂපාතී සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙන්නේ ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සේවාවන්ද ෆේස්බුක් ආයතනය සතු බව දන්නේ පරිශීලකයන් 29% ක් පමණක් බවය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ තනතුරක් චන්ද්‍රිකාට

Mohamed Dilsad

දුමින්ද සිල්වා නිදහසින් පසු අගමැති හමුවේ

Mohamed Dilsad

‘අගමැති යන්න එපා’ – පොහොට්ටුවෙන් ඉල්ලීම්

Mohamed Dilsad

Leave a Comment