දේශීය

පාර්ලිමේන්තු සභාවේ මංගල රැස්වීම අද

(UTV | කොළඹ) –  20 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත කල පාර්ලිමේන්තු සභාව පළමුවරට අද (04) රැස්වීමට නියමිතය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 04 ට එය ආරම්භවනු ඇත.

අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාද ඊට සහභාගීවීමට නියමිතයි.

මේ අතර පාර්ලිමේන්තු සභාව සඳහා වන විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා වන්නේ අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතායි. ඔවුන් දෙදෙනාද අද පැවැත්වෙන සාකච්ඡාවට එක්වනු ඇති.

 

 

 

 

Related posts

සේවක අර්ථසාධක අරමුදල ට කොටස් වෙළෙඳපොළේදී වෙච්ච දේ

Editor O

චීනයේ සිටි තවත් ලාංකික සිසුන් 48 ක් දිවයිනට

Mohamed Dilsad

ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි

Editor O

Leave a Comment