දේශීය

පාර්ලිමේන්තු සභාවේ මංගල රැස්වීම අද

(UTV | කොළඹ) –  20 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත කල පාර්ලිමේන්තු සභාව පළමුවරට අද (04) රැස්වීමට නියමිතය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 04 ට එය ආරම්භවනු ඇත.

අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාද ඊට සහභාගීවීමට නියමිතයි.

මේ අතර පාර්ලිමේන්තු සභාව සඳහා වන විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා වන්නේ අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතායි. ඔවුන් දෙදෙනාද අද පැවැත්වෙන සාකච්ඡාවට එක්වනු ඇති.

 

 

 

 

Related posts

නාවලපිටියේදී දුම්රිය 2 ක් එකිනෙක ගැටී වෙන්න ගිය අනතුරක් නූලෙන් වළකී

Mohamed Dilsad

නාවික හමුදාවේ (හිටපු) බුද්ධි ප්‍රධානියෙක් අත්අඩංගුවට

Editor O

පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment