දේශීයප්‍රමුඛ පුවත 1

චීනයේ සිටි තවත් ලාංකික සිසුන් 48 ක් දිවයිනට

(UTV | කොළඹ) – චීනයේ කොරෝනා වෛරස ගැටළුවට මැදි වී සිටින මෙරට ශ්‍රී ලාංකික සිසුන් 48 දෙනෙකු ඊයේ (30) රාත්‍රීයේ සහ අද (31) අලුයම ගුවන් යානා වලින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් ඊයේ රාත්‍රී 9.00 ට චෙංඩු සිට පැමිණි එයා චයිනා ගුවන් සේවයේ සී.ඒ.- 425 දරන ගුවන් යානයෙන් 33 දෙනෙක් දිවයිනට පැමිණියේය.

තවද අද අලුයම 5.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් වූ ෂැංහයි සිට පැමිණි යූ.එල්.- 867 දරන ගුවන් යානයෙන් 06 දෙනෙකුද , ග්වැන්ෂෝ සිට පැමිණි යූ.එල්.- 881 දරන ගුවන් යානයෙන් 09 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

පසුව මොවුන් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව , ඔවුන්ගේ නිවෙස් වෙත යොමු කෙරු බව සඳහන්.

Related posts

නීතියට පිටින් යන සීනි ගබඩා මුද්‍රා තැබීමට සැරසෙයි

Mohamed Dilsad

වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්

Mohamed Dilsad

චීනයේ සිට තවත් ශ්‍රී ලාංකිකයන් 93 ක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment