Trending Newsඑසැන පුවත්දේශීය

ඇමැතිවරු 80ක් පමණ, සැප්තැම්බර් 21 වැනිදා රටින් පිටවීමට වීසා ලෑස්තිකරගෙන – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පරාජය පිළිගත් මැති ඇමැතිවරු 80 ක් පමණ සැප්තැම්බර් 21 වැනිදා රටින් පිටව යාම සඳහා මේ වනවිට වීසා ලබාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ප්‍රචාරණය හුදෙක් අනුර දිසානායක මහතාට සහාය දැක්වීම් මැතිවරණ ප්‍රචාරණයක් බවට පත් කරගෙන තිබෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය වෙන්නේ කෙසේ හෝ ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාව පරාජයට පත් කරවීම බවත් රනිල් වික්‍රමසිංහ මහතාට මැතිවරණය දිනන්න කිසිදු අවශ්‍යතාවයක් නැති බව ඔහුගේ ක්‍රියාවෙන් උප්පු වී ඇති බවත් රහුමාන් මහතා සඳහන් කළේය.

සමගි ජන සන්ධාන කාර්යාලයේදී අද (09) පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙසේ ද කීවේය.

ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රචාරණ රැළි 22 ක් අවලංගු කරලා තිබෙනවා. ජනාධිපතිවරයාගේ මැතිවරණ රැළි වල සිටින ප්‍රධාන කතිකයෝ දැන් ඔහුගේ වේදිකාවේ නෑ. ඔවුන් සියලු දෙනාට රනිල් වික්‍රමසිංහගේ ඇත්ත ස්වරූපය දැන් තේරුම් ගන්න හැකියාව ලැබිලා තිබෙනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ සමඟ සිටින ප්‍රධාන පෙලේ මන්ත්‍රීවරු 80 ක් සැප්තැම්බර් 21 වැනිදා ඡන්දය දාලා රටින් පිටවෙන්න වීසා ලබාගෙන තිබෙනවා. ඔවුන්ට දැන් වැටහිලා තිබෙනවා රනිල් වික්‍රමසිංහ ඔවුන්ගේ ආරක්ෂකයා නෙවෙයි කියලා. රනිල් වික්‍රමසිංහ ඔවුන්ගේ කර පිටින් ගිහින් අනුර දිසානායක දිනවන්න කටයුතු කරන බවත් ඔවුන්ට තේරුම් ගිහින් තිබෙනවා.

ඒ වගේම අද වනවිට එක්සත් ජාතික පාක්ෂිකයන් සියලුම දෙනා එකතු වෙලා සිටින්නේ රනිල් වික්‍රමසිංහ සමඟ නෙවෙයි. එක්සත් ජාතික පාක්ෂිකයන් සියලුම දෙනා එකතු වෙලා සිටින්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා සමඟ. එක්සත් ජාතික පක්ෂයේ උරුමය තිබෙන්නේ සමගි ජන බලවේගයේ. ලංකාවේ සිටින සියලුම ජන කොටස් අද සජිත් ප්‍රේමදාස මහතා වටා ඒකරාශි වෙලා තිබෙනවා.

ඒ වගේම මැතිවරණය ආරම්භ කළාට පස්සේ මාලිගාවත්තේ පී ඩී සිරිසේන ක්‍රිඩාංගනය සති දෙකෙන් දෙකට දින 4 ක් 5 ක් එකදිගට වහලා තිබෙනවා. මාලිගාවත්තේ පී ඩී සිරිසේන ක්‍රිඩාංගනය පිහිටලා තිබෙන්නේ ජනාකිර්ණ ප්‍රදේශයක. ඒ අවට පාසල් දරුවන් සෙල්ලම් කරන්නේ පී ඩී සිරිසේන ක්‍රිඩාංගනයේ. නමුත් අද වනවිට කොළඹ නගර සභාව විසින් සතියකට දින 4 ක් ජනතා විමුක්ති පෙරමුණට රැස්වීම් තියන්න අවසර ලබාදීලා තිබෙනවා. නමුත් අපි ගිහින් පී ඩී සිරිසේන ක්‍රිඩාංගනය ඉල්ලුවොත් ලබාගන්න අපහසුයි. නමුත් අනුර දිසානායකට කිසිදු ප්‍රශ්නයකින් තොරව ලබාදෙන්න කොළඹ නගර සභාව කටයුතු කරලා තිබෙනවා. ජනාධිපතිවරයා සමඟ තිබෙන හිතවත්කම් මත අනුර දිසානායකට ඕනම වේලාවක පී ඩී සිරිසේන ක්‍රිඩාංගනය ලබාදෙන්න කටයුතු කරනවා. මාලිගාවත්තේ දරුවන්ට සෙල්ලම් කරන්න තිබෙන ක්‍රීඩාංගනය තමයි මේ විදිහට එක දිගට අනුර දිසානායකට රැස්වීම් පවත්වන්න ලබාදෙන්නේ”

Related posts

Protest erupt near Lankan Embassy in Tamil Nadu over alleged human rights violations

Mohamed Dilsad

Sri Lanka awarded win after FIFA sanctions Macau

Mohamed Dilsad

EU urges Sri Lanka to institute durable reconciliation process

Mohamed Dilsad

Leave a Comment