විදෙස්

ජර්මනියේ සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා

(UTV |  ජර්මනිය) – ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව එරට මාධ්‍ය වාර්තා පවසයි.   

40 හැවිරිදි ජර්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සබඳතා පැවැත්වු පුද්ගලයින් ද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.

කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමග ඔහු සිය නිවස තුළ ස්වයං නිරෝධායනට ලක්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වන විට ජර්මනියෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 391,355 දෙනෙකු වාර්තා වී තිබේ.

එමෙන්ම එරටින් කොවිඩ් මරණ 9,999ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

BE INFORMED WHEREVER YOU ARE
எங்கிருந்தாலும் உடனுக்குடன்
කොතැන සිටියත් ඔබ දැනුවත්

Related posts

උතුරු කොරියානු නායකයා නිව්යෝක් නුවරට ලඟා වෙයි

Mohamed Dilsad

බිත්තර දමන පිරිමි දරුවා(වීඩියෝ)

Mohamed Dilsad

නවසීලන්තයේ කොරෝනා රෝගීන් සියල්ලන්ම සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment