විදෙස්

බිත්තර දමන පිරිමි දරුවා(වීඩියෝ)

(UTV| ඉන්දුනීසියාව)  – පසුගිය වසර දෙකක කාලය තුළ බිත්තර 20ක් දැමු පිරිමි දරුවෙකු පිළිබඳ ඉන්දුනීසියාවෙන් වාර්තා වෙයි.

මේ වන විට 14 හැවිරිදි වියේ පසු වන මෙම පිරිමි දරුවා පසුගිය වසර දෙකක කාලය තුළ අධෝ මාර්ගයෙන් බිත්තර 20 ක් දමා ඇතැයි ඔහුගේ දෙමාපියන් පවසයි.

පියා විසින් එම බිත්තර කඩා බැලීමේ දී එහි ඇතැම්විට කහමදය පමණක් හෝ ඇතැම්විට සුදු මදය පමණක් පැවති බව සඳහන්.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/02/EGG-LAYING-BOY-01.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/02/EGG-LAYING-BOY-02.jpg”]

මෙම පිරිමි දරුවාගේ උදරයේ සිදු කළ එක්ස්රේ පරීක්ෂණයකදී ද හෙළිවී ඇත්තේ ඒ වන විටත් එහි බිත්තර පවතින බවයි.

මෙම තත්වය හේතුවෙන් පිරිමි දරුවා අඛණ්ඩව වෛද්‍ය පරීක්ෂණයන්ට ද ලක්ව ඇති අතර වෛද්‍යවරුන් ඉදිරියේම බිත්තර දෙකක් දැමීම හේතුවෙන් මතබේධාත්මක තත්වයට පත්ව තිබේ.

කෙසේවෙතත් වෛද්‍යවරුන් ප්‍රකාශකර ඇත්තේ මිනිස් සිරුරක බිත්තර ඇති වීමට කිසිසේත් හැකියාවක් නොමැති බවයි.

කෙසේවෙතත් මේ පිළිබඳ වෛද්‍ය පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක කෙරේ.

 

Related posts

ළමයින්ට සමාජ මාධ්‍ය තහනම්

Editor O

ඇමෙරිකාවෙන්, සිරියාවට දැඩි ප්‍රහාර

Editor O

ඉරානයේ විරෝධතාවලින් 12,000ක් පමණ මියගිහින්…! | ඉරානයේ තොරතුරු වාරණය දැඩි කරයි

Editor O

Leave a Comment