දේශීය

මේ දින වල කොරෝනා දරුවන්ට බලපාන හැටි

(UTV |කොළඹ) – කොරෝනා වෛරසය කුඩා දරුවන්ට දැඩි බලපෑම් ඇති නොකරන බව මේ වන විට හෙළිවී ඇතැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

දරුවන්ට උපතේදීම BCG එන්නත ලබාදීම, මාස හයක් යන තෙක් මව්කිරිදීම, ඉන්ෆ්ලුවෙන්සා සහ ​ඩෙංගු රෝගයන්ට දරුවන් ගොදුරුවීම, සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පාන ලබාදීම මගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ තත්ත්වයක පැවතීම කොරෝනා වෛරසයට ඔරොත්තු දීමට හේතුවක් විය හැකි බව  විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

බ්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් PCR පරීක්ෂාවට ලක් කිරීමේදී වෛරසය ආසාදනය වූ කුඩා දරුවන් හඳුනාගැනීමට හැකි වූයේ කිහිප දෙනකු පමණක් යැයිද හෙතෙම සඳහන් කළේය.

 

Related posts

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

Editor O

අද කාලගුණය වෙනස්වෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

කලම්බු ඩොක්යාඩ් සමාගම ඉන්දියාවේ රාජ්‍ය සමාගමකට ලබාදීමට එරෙහිව පාර්ශ්ව රැසක විරෝධය

Editor O

Leave a Comment