ගොසිප්

කුලියාපිටියටත් කොරෝනා අවදානම

(UTV |කුලියාපිටිය) – කුලියාපිටිය ප්‍රදේශයෙන් තවත් කොරෝනා වෛරස ආසාදිතයින් පිරිසක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

එම ප්‍රදේශයෙන් මේ වනවිට ආසාදිතයින් 25 දෙනෙකු හඳුනාගෙන ඇති අතර අද (20) දිනයේ නව ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගෙන ඇති බව කුලියාපිටිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, වෛද්‍ය උත්පල සංකල්ප ගුණසේකර මහතා සඳහන් කළේය.

එම සියලුම ආසාදිතයින් කුලියාපිටිය ප්‍රදේශයේ ආගමික ස්ථානයකට ගොස් පුජාවකට සහභාගි වු පිරිසක් බව මේවන විට අනාවරණය වී ඇත.

එම නිසා මෙම ආසාදිතයින්ගේ අශ්‍රිතයින් විශාල පිරිසක් නිරෝධායනයට ලක් කිරීමට සිදුවී ඇත.

ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ වෛද්‍යවරුන් සහ නිළධාරීන් සමඟ මෙවන විට හදිසි සාකච්ඡාවක් පවත්වන බවත් වාර්තාවේ.

කුලියාපිටිය ප්‍රදේශය පුරාම, නගරයෙන් සහ ඒ අවට ගම්මානවලින් මෙම ආසාදිතයින් වාර්තා වන බවත් හම්බලව, ඌරුපිටිය, ගයියාල, බොහිංගමුව සහ ගලගෙදර යන ප්‍රදේශවලින්ද ආසිදිතයින් වාර්තා වන බවත් සඳහන් වේ.

Related posts

නිලනිවාස භාර නොදුන් බවට හිටපු රජයේ ඇමතිවරුන් පිරිසකට චෝදනා

Mohamed Dilsad

ඝාතකයින් ඇතුළට..ඇත්ත කියපු රන්ජන් එළියට -පාර්ලිමේන්තුව දැඩි නොසන්සුන් [VIDEO]

Mohamed Dilsad

කතුරු පහරක් කළ හදියක්

Mohamed Dilsad

Leave a Comment