දේශීය

ගම්පහ ඇඳිරි නීතිය කඩකළ 167 ක් අත්අඩංගුවට

(UTV | ගම්පහ) – ගත වූ පැය 24 තුළ ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඇඳීරි නීතිය උල්ලංගණය කළ පුද්ගලයින් 25 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව , ඔක්තෝබර් 04 වනදා සිට මේ දක්වා පුද්ගලයින් 167 ක් හා රථ වාහන 60 ක් පොලිස් භාරයට ගෙන ඇත.

මෙම වාහන අතුරින් බහුතරයක් ත්‍රී රෝද රථ සහ යතුරුපැදි වෙයි.

දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශ 19 ක අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ අලෙවි සැල් අද පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබෙනු ඇත.

Related posts

දිවයින පුරා පොලිස් මාර්ග බාධක 900 දක්වා ඉහළ දමයි

Mohamed Dilsad

පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සෙබළුන්ගේ ගණන ඉහළට

Mohamed Dilsad

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුට සිතාසි

Mohamed Dilsad

Leave a Comment