දේශීය

ගම්පහ ඇඳිරි නීතිය කඩකළ 167 ක් අත්අඩංගුවට

(UTV | ගම්පහ) – ගත වූ පැය 24 තුළ ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඇඳීරි නීතිය උල්ලංගණය කළ පුද්ගලයින් 25 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව , ඔක්තෝබර් 04 වනදා සිට මේ දක්වා පුද්ගලයින් 167 ක් හා රථ වාහන 60 ක් පොලිස් භාරයට ගෙන ඇත.

මෙම වාහන අතුරින් බහුතරයක් ත්‍රී රෝද රථ සහ යතුරුපැදි වෙයි.

දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශ 19 ක අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ අලෙවි සැල් අද පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබෙනු ඇත.

Related posts

එන්නත්කරණ ක්‍රමවේදයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක්

Mohamed Dilsad

නැවත දැනුම්දෙන තුරු සමස්ථ දිවයිනට පොලිස් ඇදිරි නීතිය

Mohamed Dilsad

පාසල් නිල ඇඳුම් චීනයෙන්

Mohamed Dilsad

Leave a Comment