දේශීය

සතොස භාණ්ඩ මිල තවත් අඩුකරයි

ලංකා සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල පහළ දැමීමට තීරණය කර තිබේ.

 

ඒ අනුව පහත සඳහන් භාණ්ඩවල මිල පහළ හෙළීම අද (16) සිට ක්‍රියාත්මක වේ.

 

අර්තාපල් අල කිලෝවක් රුපියල් 20කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 375කි.

 

ලොකු ළූණු කිලෝවක් රුපියල් 10කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 149කි.

 

ආනයනික සම්බා සහල් කිලෝවක් රුපියල් 7කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල 198කි.

 

රතු පරිප්පු කිලෝවක් ද රුපියල් 7කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 358කි.

 

දේශීය රතු කැකුළු කිලෝවක් රුපියල් 5කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 164කි.

 

ආනයනික සුදු කැකුළු කිලෝවක් රුපියල් රුපියල් 5කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 179කි.

 

 

Related posts

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

අද සිට හුදකලා කෙරෙන සහ ඉවත් කෙරෙන ප්‍රදේශ

Mohamed Dilsad

සමැන්තා සහ ජනපති අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment