දේශීය

ජන්ම දිනය දා මුරුත්තෙට්ටුවේ හිමි මහින්දට කියු දේ

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනයට සමගාමීව අභයාරාමයේදී අද (18) උදෑසන කිරිඅම්මාවරුන්ගේ දානමය පින්කමක් පැවැත්වුණි.

 

ඒ අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙනි.

 

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

 

එහිදී අදහස් දැක්වූ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි,

 

“මම මේ පිංකම කරන්නේ රට බේරාගත් නායකයා වෙනුවෙන් යුතුකමක් වශයෙන්. නමුත් ඔබතුමාට පේනවා ඇති අද මෙතන තත්ත්වය එදා මෙතන අපිට ඉන්නවත් ඉඩ නෑ. ඒ තරම් ඇමති මැතිවරු. අද බලන්න තත්ත්වය කොච්චර වෙනස් වෙලාද කියලා. බලය තියෙනදාට ඕන තරම් අය ඉන්නවා. බලය නැතිදාට කිසිකෙනෙක් නැහැ. ඔබතුමාට මේවා හොඳ පාඩම්”

Related posts

මහින්දානන්දගෙන් රන්ජන්ට අභියෝගයක්

Mohamed Dilsad

ලසන්ත අලගියවන්න යළිත් කෝපා සභාපති ධූරයට

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියක් අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment