දේශීයප්‍රමුඛ පුවත 1

ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ඇතුළත් විශේෂ ගැසට් පත්‍රය නිකුත් වෙයි

(UTV |කොළඹ) – ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන විශේෂ ගැසට් පත්‍රය ඊයේ රාත්‍රියේ නිකුත් කර තිබේ.
විශේෂ ගැසට් පත්‍රයට ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යවරිය අත්සන් තැබුවාය.

මෙම නව ගැසට් පත්‍රය නිකුත් කිරීමත් සමග නීති කඩ කරන පුද්ගලයින් හට රුපියල් 10,000 කට නොවැඩි දඩයකුත්, මාස 06 ක සිරදඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබාදීමට මින් ඉදිරියට අධිකරණයට හැකියාව ලැබේ.

මෙයට අමතරව ව්‍යාපාරික හා සේවා ස්ථාන වලට ඇතුලුවීම හා පවත්වාගෙන යාම පිළිබදව මෙම ගැසට් පත්‍රය මගින් පෙන්වා දෙයි.

ඒ අනුව,

1). සේවා ස්ථානවලට සහ ව්‍යාපාරික ස්ථාන වලට ඇතුල්වන සෑම තැනැත්තකු ම සෑම අවස්ථාවක දී ම මුව ආවරණයක් පැළැද සිටීම.

2). දෙදෙනෙකු අතර මීටර එකකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යාම.

3). සේවා ස්ථානයට ඇතුල්වීමට පෙරාතුව සෑම තැනැත්තකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීම.

4). විෂබීජ නාශක දියර සමගින් ප්‍රමාණවත් පරිදි දෑත් සේදීමේ පහසුකම් සැලැස්වීම.

5). ඇතුල්වන සෑම තැනැත්තකුගේම නම, හැදුනුම්පත් අංකය සහ සම්බන්ධ කර ගත හැකි තොරතුරු පිළිබද විස්තර ඇතුළත් ලේඛණයක් පවත්වාගෙන යාම

6). සේවා ස්ථාන වල උපරිම සේවා නියුක්තයන් සංඛ්‍යාව සහ වෙනත් තැනැත්තන් සංඛ්‍යාව ඉක්මවන සංඛ්‍යාවක් තබා නොගැනීම ඒ අතර වේ.

එමෙන්ම සංචරණ සීමා, නිරෝධායන කටයුතු, ප්‍රවාහන කටයුතු වැනි විශේෂිත කරුණු වලට අදාල නීති තවදුරටත් ශක්තිමත් කිරීමට ද මෙම ගැසට් පත්‍රය මගින් කටයුතු යොදා තිබේ.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

ශ්‍රීලනිප නියෝජිත සමුළුව අද කොළඹදී

Mohamed Dilsad

සෞඛ්‍ය බලධාරීන් සමඟ මැතිවරණ කොමිෂන් සභාව විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment