Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුටුවෙන් ඉදිරි මැතිවරණවලට

මිළඟ පළාත් පාලන මැතිවරණය ඇතුළු ඉදිරි මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ සන්ධානයක් ලෙස පුටුව ලකුණින් ඉදිරිපත්වීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොදුජන එක්සත් පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ ඉදිරි මැතිවරණ සඳහා පුටුව ලකුණින් ඉදිරිපත් වීම ගැන මේ දිනවල තවදුරටත් සාකච්ජා පැවැත්වෙන බවයි.

නායකත්ව මණ්ඩලයක් මඟින් එම සන්ධානය මෙහෙයවන අතර දැනට නායකත්ව මණ්ඩලයේ නායකයා ලෙස අනුර ප්‍රිදර්ශන යාපා සහ ලේකම් ලෙස තමන් කටයුතු කරන බවයි අලගියවන්න මහතා පැවසුවේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දැක්වූ හිටපු මන්ත්‍රීවරු 30ක් පමණ පොදුජන එක්සත් පෙරමුණට සහය දෙමින් සිටින බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

Related posts

Edward Snowden hits out at Hong Kong for rejecting Lankan refugees

Mohamed Dilsad

මේ වසරේ පළමු මාස 05 තුළ අයවැය හිඟය 64%කින් අඩු වෙලා – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

Editor O

දැඩි ආරක්ෂාවක් යටතේ ප්‍රවාහනය වන කැරට් ගෝනි

Mohamed Dilsad

Leave a Comment