Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුටුවෙන් ඉදිරි මැතිවරණවලට

මිළඟ පළාත් පාලන මැතිවරණය ඇතුළු ඉදිරි මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ සන්ධානයක් ලෙස පුටුව ලකුණින් ඉදිරිපත්වීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොදුජන එක්සත් පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ ඉදිරි මැතිවරණ සඳහා පුටුව ලකුණින් ඉදිරිපත් වීම ගැන මේ දිනවල තවදුරටත් සාකච්ජා පැවැත්වෙන බවයි.

නායකත්ව මණ්ඩලයක් මඟින් එම සන්ධානය මෙහෙයවන අතර දැනට නායකත්ව මණ්ඩලයේ නායකයා ලෙස අනුර ප්‍රිදර්ශන යාපා සහ ලේකම් ලෙස තමන් කටයුතු කරන බවයි අලගියවන්න මහතා පැවසුවේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දැක්වූ හිටපු මන්ත්‍රීවරු 30ක් පමණ පොදුජන එක්සත් පෙරමුණට සහය දෙමින් සිටින බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

Related posts

அதிபருடைய கணவரின் நடவடிக்கைகளுக்கு எதிராக ஆர்பாட்டம்

Mohamed Dilsad

බස් සහ දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Switzerland warns Sri Lanka’s reputation on rule of law at stake

Mohamed Dilsad

Leave a Comment