දේශීය

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුට සිතාසි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි දීම සඳහා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කළේය.

 

කුරුඳුවත්ත පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව සාක්ෂිකාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලබන පෙබරවාරි මස 26 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් මෙසේ සිතාසි නිකුත් කරනු ලැබීය.

 

මෙම නඩුව අද (06) කැඳවනු ලැබූ අවස්ථාවේදී පොලිස් නිලධාරින්ගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණි.

 

මෙම සිද්ධියේ විත්තිකරුවන් ලෙස හිටපු අමාත්‍ය විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසම්මිල් යන අය නම් කර තිබේ.

 

2016 වසරේ එවක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය අවට මාර්ග අවහිර කොට මාර්ග තදබදයක් ඇති කොට උද්ඝෝෂණයක නිරතවීම තුළින් මහජන පීඩාවක් සිදුකළේ යැයි චෝදනා කරමින් කුරුඳුවත්ත පොලීසිය විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

Related posts

මාස 10ට වාහන ලක්ෂ දෙකහමාරක් ගෙනල්ලා!

Editor O

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කල පුද්ගලයින් 57 ක් පිලිබඳ විමර්ශනයට

Mohamed Dilsad

කාළගුණයෙන් රතු නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment