දේශීය

හිටපු අමාත්‍ය රිශාඩ් බදියුදීන්ගෙන් රීට් පෙත්සමක්

(UTV | කොළඹ) – තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිශාඩ් බදියුදීන් මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොණු කරනු ලැබීය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ මැතිවරණ නීති කඩ කිරීමේ චෝදනාවකට අදාළව ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පෙරේදා දිනයේදී පොලිසියට උපදෙස් ලබාදුන්නේය.

පසුගිය ජනාධිපතිවරණයේදී අවතැන්වූවන් පිරිසක් ඡන්ද මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කිරීමෙන් මැතිවරණ නීති කඩ කල බවට රිශාඩ් බදියුදීන් මහතා ඇතුලු 03 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වෙයි.

Related posts

නීතිපතිවරයාගෙන් වැඩබලන පොලිස්පතිවරයාට නියෝගයක්

Mohamed Dilsad

පීඩාවන්ට ලක්වූ ශ්‍රී ලාංකිකයින් 268 ක් දිවයිනට

Mohamed Dilsad

වැලිගම හෝටලයක පිපිරීම ගැන විමර්ශනයට රස පරීක්ෂක කැඳවයි

Mohamed Dilsad

Leave a Comment