දේශීය

වැලිගම හෝටලයක පිපිරීම ගැන විමර්ශනයට රස පරීක්ෂක කැඳවයි

(UTV | කොළඹ) – වැලිගම කප්පරතොට ඇවරියවත්ත පෙදෙසේ සංචාරක හෝටලයක අද අලුයම සිදුවූ පිපිරිම සම්බන්ධයෙන් අංශ කිහිපයකින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ රජයේ රස පරීක්ෂකවරයාද අදාළ ස්ථානයට පැමිණිමට නියමිත බවයි.

අද අලුයම 03 යි 45 ට පමණ හෝටලයේ මුලුතැන්ගෙයි මෙම පිපිරීම සිදුවී තිබුණා.

එහිදී හෝටලයේ හිමිකරු වන 35 හැවිරිදි අයෙකු / ඔහුගේ පුත්‍රයා වන 14 හැවිරිදි දරුවෙකු සහ අසල්වැසි නිවසක කාන්තාවක වන 31 හැවිරිදි අයෙකු තුවාල ලබා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලිසිය සඳහන් කලා.

දකුණු පළාත් අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් සහ වැලිගම පොලිසියේ නිළධාරීන්ද මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Related posts

රවී – ඇලෝෂියස් අධිකරණය හමුවට

Mohamed Dilsad

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

දළදා වන්දනාවේ පෝලිම කිලෝමීටර් 08ක් ඉක්මවයි.

Editor O

Leave a Comment