දේශීය

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පිළිබද සොයන විශේෂඥයින් කණ්ඩායම් දෙක පරීක්‍ෂණ අරඹයි

(UTV |අම්පාර) –  “නිව් ඩයමන්ඩ්“ නෞකාවේ ගින්න පිළිබද සොයාබැලීම සඳහා තවත් විශේෂඥයින් කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් ඊයේ (06) රාත්‍රී මත්තල ගුවන් තොටුපළින් දිවයිනට පැමිණි බව නාවික හමුදාව පවසයි.

මෙම කණ්ඩායමට 11 දෙනෙකු අයත් වන අතර ඔවුන් නාවික හමුදාව විසින් කල්මුණේ දක්වා රැගෙන යනු ලබයි.

ඒ නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදාගනිමිනි.

මේ අතර ඊයේ දිනයේ දිවයිනට පැමිණි විශේෂඥයින් කණ්ඩායම අද (07) ආපදාවට ලක් වු නෞකාවට ගොඩබැසීමට නියමිතව තිබේ.

ඊයේ පස්වරුව වන විට “නිව් ඩයමන්ඩ්“ නෞකාවේ හටගත් ගින්න සම්පුර්ණයෙන් ම පාලනය කළද ඊයේ රාත්‍රියේ අවස්ථා දෙකක දී සුළු ගිනි ගැනීම් තත්ත්වයක් හටගෙන ඇත.

පසුව ඒවා ද පාලනය කිරීමට නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේය.

Related posts

නාකොටික් සිද්ධිය පිළිබඳ සිවිල් වැසියන් 4 දෙනෙකුගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

බස්නාහිර වැටලීම්වලදී පුද්ගලයන් රැසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා මරණ එක් ලක්‍ෂ 45,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment