දේශීය

සවුදියේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන්ට තාවකාලික සහනයක්

(UTV| කොළඹ) – කොව්ඞ් වසංගතය හමුවේ සියරටට යා ගත නොහැකිව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට කිසිඳු දඩයක් හෝ අමතර මුදල් ගෙවීමකින් තොර රටින් පිටත්ව යාමට සවුදි අරාබිය අවසර ලබාදී ඇත.

විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ වලංගු හෝ කල් ඉකුත්ව ඇති ඕනෑම වීසා බලපත්‍රයක් සඳහා මෙම වරප්‍රසාදය හිමිවන බවයි.

කෙසේවෙතත් මෙය කොරෝනා තත්වය හේතුවෙන් ලබා දී ඇති තාවකාලික සහනයක් පමණක් වෙයි.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ස්තූතිය සවුදි රජයට හිමිවන බවද විදේශ අමාත්‍යංශය නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Related posts

අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් අලුත් අවුරුද්දට රුපියල් 5000 ක දීමනාවක්

Mohamed Dilsad

ඇමතිවරයෙක් ඇතුළු ආණ්ඩුවේ තිදෙනෙකුට එරෙහිව අධිකරණ නියෝගයක්

Editor O

ගෝඩා ලීටර 1900 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment