Trending Newsඑසැන පුවත්දේශීය

ගෑස් ටැංකියේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය හොරකම් කරලා – එජාප සභාපති වජිරගෙන් නිවේදනයක්.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස හිටපු අමාත්‍ය, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට අද (10) යවා ඇතැයි සඳහන් වූ අතර, එහි අනෙක් මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතා පත්ව සිටී.

කෙසේ නමුත්, එම පත්කිරීම හවුල්කාර දේශපාලන පක්ෂ නායකයන්ගේ අනුමැතියෙන් තොරව සිදුවූවක් බව, එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා විසින් නිකුත් කළ නිවේදනයක සඳහන්. පාර්ලිමේන්තු මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුර සඳහා හවුල්කාර පක්ෂ නායකයන්ගේ අනුමැතියකින් තොරව නම් කිරීම දේශපාලන හොරකමක් යැයි එම නිවේදනයේ සඳහන්.

එම නිවේදනයේ මෙසේ ද සඳහන්. ගෑස් සිලින්ඩරය ලකුණින් මහ මැතිවරණයට තරඟ කිරීමට තීරණය කළ අවස්ථාවේදී හවුල්කාර පක්ෂ නායකයින් සාකච්ඡා කර පොදු එකඟතා වලට එළැඹියේය. ඒ අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් වූ පක්ෂය සමග ගිවිසුම්ගත වීමට තීරණය කෙරිණි.එම පෙරමුණේ ලේකම්වරිය ලෙස ෂර්මිලා පෙරේරා මහත්මියට අදාල එකඟතා ඇතුළත් ගිවිසුම් බාර දෙන ලදී. අද වන තෙක් ගිවිසුම් වල පිටපත් හවුල්කාර පක්ෂ කිසිවකට ලබාදී නැත. ගිවිසුම ඉදිරිපත් කිරීමද මෙතෙක් කර නැත.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ නායකයන් විසින්ය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරියට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්පූර්ණ කිරීමට කිසිදු බලයක් පවරා නැත එම තීරණය උල්ලංඝනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම විශ්වාසය සම්පූර්ණයෙන් කඩ කිරීමකි.දේශපාලන හොරකමකි.

රවී කරුණානායක මහතාගේ පත්කිරීම සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීම සඳහා මේ වන විටත් කමිටුවක් පත්කර තිබේ.කමිටු වාර්තාව ලැබුණු පසු නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂිතය.‍ෙජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කිරීම සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හවුල්කාර පක්ෂ සමග සාකච්ඡා කර නිසි ක්‍රියාමාර්ග ගැනීමටද නියමිතය.

Related posts

ஐசிசி-இலங்கைக்கு இரண்டு வாரகால அவகாசம்

Mohamed Dilsad

වැලිසර කඳවුර විවෘත කෙරේ

Mohamed Dilsad

Documents related to release of 120.89 more acres in Northern Province delivered

Mohamed Dilsad

Leave a Comment