දේශීයවිදෙස්

ලොව පුරා කොරෝනා මරණ එක් ලක්‍ෂ 45,000 ඉක්මවයි

 

කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්වූ රට වන ඇමරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව මේ වන විට 34,617 දක්වා ඉහළ ගොස් තිබේ. එරට මුළු ආසාදිත සංඛ්‍යාව හයලක්ෂ 77,570ක්.

ඇමරිකා එක්සත් ජනපදයේ ගත වූ පැය 24 තුළ නව කොරෝනා මරණ 4491 ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එය කොරෝනා වෛරස් ගෝලීය වසංගතය ආරම්භ වීමෙන් පසු ලොව  ඕනෑම රටකින් දිනකදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව බවද එම වාර්තාවල සඳහන් වේ.

ඉන්දියාවෙන් මේ වනවිට කොරෝනා රෝගීන් 13,430 ක් වාර්තා වන අතර , ඉන් 1,060 දෙනෙකුම වාර්තා වන්නේ ගත වූ පැය 24 තුළයි.

එරටින් වාර්තා වන කොරෝනා මරණ ගණන 448 ක්.

Related posts

පාප් වහන්සේගේ දේව මෙහෙයට මැඩගස්කරයෙන් වාර්තා ගත පිරිසක්

Mohamed Dilsad

පාසල් ඇරඹීම කල් යන ලකුණු

Mohamed Dilsad

කොළඹ ආසාදිතයින් යළි ඉහළට – බත්තරමුල්ලේ කොවිඩ් ව්‍යාප්තියක්

Mohamed Dilsad

Leave a Comment