ගොසිප්

වැටලීම් සාර්ථක කරන්න පොලිස් නිලධාරීන්ට මාරුවීම්

(UTV |කොළඹ) – සැළකිය යුතු කාලයක් තම ගම් ප්‍රදේශයේම රාජකාරී සිදුකරන පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරු ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන්, සහකාර පොලිස් අධිකාරීවරුන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් හා පොලිස් ස්ථානාධිපතිවරුන්ට, මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දීමට නියමිතය.

හදිසියේ මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදෙන්නේ මේ වනවිට රටපුරා කි‍්‍රයාත්මක විශේෂ වැටලීම් හා මෙහෙයුම්වලට අදාළව බව පොලිස් දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.

විශේෂයෙන් හදිසි මෙහෙයුම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට පෙර ඇතැම් පොලිස් නිලධාරීන් විසින්ම සැකකරුවන් වෙත තොරතුරු ලබා දෙන බවටද තොරතුරු අනාවරණ වී තිබේ.

මේ නිසා මෙම ස්ථාන මාරුවීම් පළමුව බස්නාහිර පළාත තුළ සිදුකිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමේ ද වැඩි අවධානයක් යොමුව ඇති බව වාර්තා වෙයි.

Related posts

තමන් කිසිදා නොකරන දෙයක් පිළිබඳ ජනපති කියයි

Mohamed Dilsad

Xpress Pearl අබලි නෞකාව ගොඩගැනීමට ලංකාවට එන චීන නැව

Mohamed Dilsad

නිරෝධායනයට යැවූ පියුමිගෙන් එල්ල වූ දැඩි විරෝධය [VIDEO]

Mohamed Dilsad

Leave a Comment