විදෙස්

සරුංගලයක් සමඟ ගුවනට විසිවූ දැරියක්[VIDEO]

(UTV |තායිවානය) – ගෑස් වලින් යැවූ සරුංගලයක පැටලී වයස අවුරුදු 3ක දැරියක් ගුවනට විසිවී තිබේ.

මෙම පුවත වාර්තා වන්නේ තායිවානයෙනි.

එරට සිංචු ප්‍රදේශයේ ඊයේ (30) සරුංගල් සැණකෙළියක් පවත්වා තිබේ.

එම දැරිය සරුංගලයක වල්ගය අල්ලාගෙන සිටියදී එකවර එය ගුවනට යවා ඇති බව විදෙස්දැ වාර්රිතා පවසයි.

එහිදී මීටර් කිහිපයක් ඉහළට ඇදි ගොස් ඇති දැරිය නරඹන්නන් අතරට ඇද වැටීමේදී ඔවුන් විසින් අල්ලාගෙන ඇත.

කෙසේ වුවද අනතුරෙන් දැරියගේ මුහුණේ සුළු කැපුම් තුවාලයක් සිදු වීම හැරෙන්නට වෙනත් කිසිදු හානියක් සිදුව නොමැති බව තායිවාන මාධ්‍ය වාර්තා කළේය.

Related posts

දකුණු කොරියානු හිටපු ජනාධිපතිනියට වසර 24ක සිර දඩුවම්

Mohamed Dilsad

රොබෝවරුන් නිසා 2030 දී රැකියා මිලියන 20 ක් අවදානමට

Mohamed Dilsad

චීනයේ වෙන්සු නගරය වසා දමයි

Mohamed Dilsad

Leave a Comment