විදෙස්

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය විදේශිකයන්ට ඇතුල්වීම තහනම් කරයි

(UTV | කොළඹ) – නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම ඉහළ යාමත් සමඟ විදේශිකයින්ට රට තුළට ඇතුලුවීම තහනම් කිරීමට ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අද (19) පියවර ගනු ලැබීය.

නවසීලන්ත අගමැති ජසින්ඩා ආඩ්න් ප්‍රකාශ කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට විදේශිකයින්ට තම රටට ඇතුලුවීම තහනම් කරන බවයි.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ද ප්‍රකාශ කළේ තම රටට ඇතුලුවීම හෙට සිට තහනම් කරන බවයි.

එරටින් මේ වනවිට වෛරසය ආසාදනය වූවන් 368 දෙනෙකු සොයාගෙන තිබේ.

Related posts

යුක්රේන සටනට යන්න ඇමෙරිකානුවන් 3000ක් සූදානම්

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ සහ දකුණු අප්‍රිකාවේ නිරෝධායන කාලයක්

Mohamed Dilsad

මුහුදු සිංහයෙකු දැරියක් ඩැහැ ගනී(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment