ගොසිප්

Xpress Pearl අබලි නෞකාව ගොඩගැනීමට ලංකාවට එන චීන නැව

(UTV | කොළඹ) – මෙරට මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශ වී ගිලී ගිය එක්ස්ප්‍රස් පර්ල් අබලි නෞකාව ගොඩගැනීම සඳහා චීන නෞකාවක් අද(19) හෝ හෙට(20) මෙරට සාගර කලාපයට පැමිණීමට නියමිත බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවේ, එම නෞකාව මාස කිහිපයක් මෙරට සාගර කලාපය තුළ සිටිමින් නෞකාව ඉවත් කර ගැනීමේ කටයුතු සිදුකරනු ඇති බවය.

මේ අතර නෞකාව ගිනි ගැනීමෙන් පසුව විසිරුණු අබලි ද්‍රව්‍ය ආදි වූ සියල්ල මෙට්‍රික් ටොන් 1,700 කට අධික ප්‍රමාණයක් එකතුකර මීගමුව පමුණුගම ප්‍රදේශය ආශ්‍රිත අපද්‍රව්‍ය ගබඩා කරනු ලබන අංගනයක ගබඩා කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් එම අපද්‍රව්‍ය වෙන්කර දෙපාර්ශවයම එකඟවන රසායනාගාර තුළ ඒවා පරීක්ෂා කර ඉන් පසුව බැහැර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවාය.

Related posts

දකුණේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම වැඩි වෙයි

Mohamed Dilsad

ළමා අපයෝජනයක් සිදුකළ කොළඹ සහකාර විදුහල්පතිවරයෙකු අල්ලයි

Mohamed Dilsad

බැසිල් 6 වැනිදා දිවුරුම් දෙන ලකුණු

Mohamed Dilsad

Leave a Comment