ගොසිප්

ළමා අපයෝජනයක් සිදුකළ කොළඹ සහකාර විදුහල්පතිවරයෙකු අල්ලයි

(UTV | කොළඹ) – ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සහකාර විදුහල්පතිවරයෙකු පානදුර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

උපකාරක පන්ති පවත්වන අතරවාරයේ වයස අවුරුදු 15 ක පිරිමි දරුවෙකුව මෙලෙස අපයෝජනයට ලක්කර ඇත.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වෙත එම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් පානදුර දකුණ පොලිසියට යොමු කිරීමෙන් අනතුරුව කරන ලද දීර්ඝ විමර්ශනයකදී මේ බව හෙළිව තිබේ.

පානදුර ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන මෙම දරුවා සැකකාර විදුහල්පතිවරයාගේ නිවස ආසන්නයේ ම පදිංචිව සිටින අතර, දරුවා සිංහල විෂයට මදක් දුර්වල වීම හේතුවෙන් එම දරුවා සැකකාර විදුල්හාල්පතිවරයා වෙත යොමු කර තිබුණි.

ඉකුත් ජූලි මාසයේදී වරින් වර සැකකාර සහකාර විදුහල්පතිවරයා මෙම දරුවා ලිංගික අපයෝජනයට ලක් කර ඇතැයි අනාවරණය වූ බව පොලිසිය පවසයි.

ඒ අනුව, අගෝස්තු මාසයේදී වින්දිත දරුවා අදාළ උපකාරක පන්තිය සඳහා එම විදුහල්පතිවරයාගේ නිවසට යාම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, දෙමාපියන් ඒ පිළිබඳව විමසීමේදී මෙම ලිංගික අපයෝජනය පිළිබඳව අනාවරණය වී තිබේ.

56 හැවිරිදි සැකකරුගේ බිරිඳ පානදුර ප්‍රදේශයේ ම විදුහලක ගුරුවරියක බවත්, ඔවුන්ට ද පිරිමි දරුවෙකු සිටින බවත් අනාවරණය වී ඇත.

Related posts

PANDORA PAPERS : විමර්ශනවලට සහය දෙන්න රන්ජන් සූදානම්

Mohamed Dilsad

වත්මන් දේශපාලනයේ සිටින නායකයන් විශ්‍රාම යා යුතුයි – චන්ද්‍රිකා

Mohamed Dilsad

ග්‍රාම නිලධාරීන් අධීක්‍ෂණයට රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්

Mohamed Dilsad

Leave a Comment