ගොසිප්

කොරෝනා ආසාදිත යැයි සැක 49ක් සොයා මෙහෙයුම්

(UTV |කොළඹ ) – කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිත 49 දෙනෙකු රට තුළ සැඟවී සිටින බවත් ඔවුන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් පොලිස් මූලස්ථානය පොලිස් ස්ථාන වෙත දැනුම් දෙයි.

රාජ්‍ය බුද්ධි අංශය විසින් මෙම 49 දෙනා පිළිබඳ ලබා දුන් විශේෂ වාර්තාවක් සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව මේ පිළිබඳව සියලුම නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත දැනුම් දී තිබේ.

ඔවුන් සැඟවී සිටින තැන පැය 24ක් ඇතුළත හෙළිකර ගන්නා ලෙසත් ළඟම පිහිටි යුද හමුදා කඳවුරේ ප්‍රධානියා ද සම්බන්ධ කරගනිමින් නිරෝධායනයට ඉහත යොමු කරන ලෙසත් පොලිස් මූලස්ථානය විසින් නියෝග කර ඇත.

මාර්තු මස මුලදී මෙරටට පැමිණ ඇති මෙම පුද්ගලයන් 49 දෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරයි.

ඔවුන් ඉන්දුනීසියාව, කටාර්, ජෝර්දානය, සෝමාලියාව, ඉන්දියාව යන රටවල සිට මෙරටට පැමිණි අය වෙයි.

මෙම පිරිස අක්කරපත්තුව, පොතුවිල්, රාජගිරියි, අකුරණ, බදුල්ල, හලාවත, තිහාරිය, පුත්තලම, බේරුවෙල, මග්ගොන, මුන්දලම, ග්‍රෑන්ඩ්පාස්, මාතලේ, රිදීගම, කැකිරාව, වැල්ලම්පිටිය, දුම්මලසූරිය, දික්වැල්ල, කොලොන්නාව, මී ඇල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලීසිය සඳහන් කරයි.

ඔවුන්ගේ ලිපින දුරකතන අංක සහ පැමිණි රට ලංකාවට පැමිණි දිනය ආදී සියලු විස්තර ද පොලිස් මූලස්ථානය විසින් ලබා දී ඇත.

 

Related posts

සීමා ලිහිල් කරන්න යැයි රටවල් රැසක විරෝධතා

Mohamed Dilsad

සුව ඇමතිනීට ධූරය එපා වෙයි

Mohamed Dilsad

දකුණේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම වැඩි වෙයි

Mohamed Dilsad

Leave a Comment