ගොසිප්

සීමා ලිහිල් කරන්න යැයි රටවල් රැසක විරෝධතා

‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය හේතුවෙන් එය පාලනය කර ගැනීමට පනවා ඇති සීමා ලිහිල් කරන්නැයි රජයට බල කරමින්, ඕස්ට්‍රේලියාවේ, ප්‍රංශයේ සහ ඉතාලියේ විරෝධතා ආරම්භ වී තිබේ.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි, මෙල්බන්, බ්‍රිස්බේන් යන නගරවල විරෝධතා පැවැත්වෙන බවත් දහස් ගණනක් දෙනා ඊට සහභාගී වී සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. විරෝධතාකරුවන් මර්දනයට කැරැලි මර්දන පොලිසිය යෙදවුණු අවස්ථාවේදී, විරෝධතාකරුවන් සහ පොලිසිය අතරේ උණුසුම්කාරී තත්ත්වයක් ද හටගෙන ඇත.

ඕස්ට්‍රේලියා පුවත් සේවා වාර්තා කර ඇති අන්දමට, විරෝධතාකරුවන් 80 කට ආසන්න පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

ඕස්ට්‍රේලියාව, ප්‍රංශය සහ ඉතාලිය විරෝධතා ආරම්භ කර ඇත්තේ ‘ඩෙල්ටා’ විකෘති ප්‍රභේදයේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බැවිනි. සති අන්තයේ පැරිස් අගනුවර පැවැති විරෝධතා සඳහා සහභාගී වූ ගණන 1,60,000 කට වැඩි යැයි ප්‍රංශ පුවත් සේවා වාර්තා කර තිබේ.

නිවසින් පිටකට යන්නේ නම්, එන්නත් ලබාගෙන ඇති බව තහවුරු කරන එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සහ එන්නත් ලබා නොගත් සෞඛ්‍ය ක්ෂේත්‍ර සාමාජිකයන්ට වැටුප් නොගෙවීමට ප්‍රංශ ජනාධිපති මැක්රොන් ගත් තීරණයට එරෙහිව මෙසේ විරෝධතා පැවැත්වෙයි. ජනාධිපති මැක්රොන් ඒකාධිපතියකු බවත්, තමන්ට ජීවත් වීමට නිදහස තිබිය යුතු බවත් පවසමින් ප්‍රංශයේ ප්‍රධාන නගර සිල්ලේම විරෝධතා රැලි පැවැත්වෙයි.

ඉතාලියේ රෝමය, නේපල්ස්, ටියුරීන් ආදී නගරවල විරෝධතා පැවැත්වෙයි. ‘කොවිඩ් 19’ වසංගතය ආරම්භයේ දී එයින් දරුණු ලෙස බැට කෑ යුරෝපා රටක් වන්නේ ඉතාලියයි.

ඉතාලියේ ද එන්නත් ලබා ගත් පුද්ගලයන්ට පමණක් නිවසින් පිටතට යෑමට ඉඩ ලබා දීමේ වැඩපිළිවෙළක් සැකැසීමට රජය සහ සෞඛ්‍ය අංශ කටයුතු කරමින් පවතී. එරට වැසියන්ගේ විරෝධයට හේතුවක් වී ඇත්තේ මෙයයි.

Related posts

ජැක්සන් ඇන්තනී හා පියුමි හංසමාලි මලයාලම් සිනමා පටයක

Mohamed Dilsad

වතුර වූ විස්කි

Mohamed Dilsad

සෞඛ්‍ය අමාත්‍යංශයේ කටයුතු හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරිය කණස්සලල්ට

Mohamed Dilsad

Leave a Comment