දේශීය

2021 සාමාන්‍ය පෙළ විභාගය කල් යයි

(UTV | කොළඹ) – 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරීස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (ජූලි 26) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ඒ අනුව, 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022 පෙබරවාරි 21 වන දා සිට මාර්තු 3 වන දා දක්වා පැවැත්වීමට නියමිත බව මහාචාර්ය ජී.එල්. පීරීස් මහතා පැවසීය.

පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍යංශය මෙම තීරණය ගෙන තිබේ.

2021 වසර සඳහා වූ සමාන්‍ය පෙළ විභාගය පැවත් වීමට මීට පෙර දින නියම කර තිබුණේ, 2022 වසරේ ජනවාරී මාසයේදීය.

Related posts

රත්‍රං මිල ඉහළට

Mohamed Dilsad

සනත් නිශාන්තට සිතාසි

Mohamed Dilsad

බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් පීඩාවිඳින හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ගම්මානවල දුක්ඛිත තත්ත්වය

Mohamed Dilsad

Leave a Comment