දේශීය

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවය සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, මන්නාරම, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් දකුණු පළාතෙත් විටින් විට හමන පැ.කි.මී 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමේ කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

මාලිමාවේ පිරිසක් බලහත්කාරයෙන් කඩා පැන, ගොවි සමුළුව කඩාකප්පල් කරලා

Editor O

පාර්ලිමේන්තු සභාවේ මංගල රැස්වීම අද

Mohamed Dilsad

Leave a Comment