දේශීය

බැසිල්ට එරෙහි ලිත් නඩුවේ සාක්ෂි විභාගයට දින නියම කෙරේ

(UTV | කොළඹ ) – කොළඹ මහාධිකරණය විසින් 2015 ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂගේ රුව ඇතුළත් ලිත් ලක්ෂ 50 ක් බෙදාහැරීමට දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුදල් වැය කල බව කියන සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂි විභාගයට අද (31) දින නියම කළේය.

දෙසැම්බර් 10 වනදා සාක්ෂි විභාගය ආරම්භ කරන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග නියම කර තිබේ.

මෙම නඩු විභාගය පැවැත්වෙන්නේ රුපියල් දෙකෝටි 94 ලක්ෂයක රජයේ මුදල් වියදම් කර අදාළ ලිත් මුද්‍රණය කල බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහත්වරුන්ට එරෙහිවයි.

විත්තිකාර පාර්ශවයේ 02 -03 –04 සහ 06 යන සාක්ෂිකරුවන්ට එදිනට සාක්ෂි දීම සඳහා පැමිණෙන ලෙස සිතාසි නිකුත් කරන්නැයිද අධිකරණය නියෝග කළේය.

Related posts

පොසොන් පෝය නිමිත්තෙන් සිරකරුවන් 289ක ට සමාව

Editor O

ඉන්ධන මිල බැස්සුවොත් ආහාර මිලත් බස්සනවා

Mohamed Dilsad

කොළඹ නගරයේ තදබදය අවම කිරීමට රථ ගාල් 8 ක්

Mohamed Dilsad

Leave a Comment