දේශීය

පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ ) – අද (31) මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමේදී අනුගමනය කල යුතු සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් මාර්ගෝපදේශ පාර්ලිමේන්තුවට භාරදීමට නියමිතයි.

අද පස්වරුවේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට එය භාරදීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් ඇතුලු පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූයේද මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කිරීමේ අරමුණ ඇතිවයි.

Related posts

ජනතාවට අවශ්‍ය වන්නේ චක්‍රලේඛ නොව ප්‍රතිඵලයි

Mohamed Dilsad

ජනාධිපති අනුර නව අවුරුද්දට සුබපතයි – අගමැති අලුත් අවුරුද්දට සුබ පතයි

Editor O

මෙරට සිටි ඉන්දියානුවන් පිරිසක් නැවත එරටට

Mohamed Dilsad

Leave a Comment